ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට සතුටුදායක ආරංචියක්!!!.

India Glitz Sri Lanka Politician
By Aruna Apr 21, 2022 02:25 AM GMT
Report

තවත් ඩොලර් මිලියන 500ක මුල්‍ය ආධාරයක් ලබා දීමට ඉන්දියාව එකඟ වී තිබෙනවා.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජි.එල්.පීරිස් මහතා සඳහන් කළේ, එලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවට මුදල් ලබා දෙන්නේ ඉන්ධන මිලදී ගැනීම සදහා බවයි .

මේ අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් විසින් නිකුත් කළ ට්විටර් සටහනක් බවට හුවා දැක්වෙන අසත්‍ය ට්විටර් සටහනක් මේ වන විට සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙමින් පවතිනවා.

" ශ්‍රී ලංකාවේ ජනතාව කැමැති නම් ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් ලෙස පිළිගැනීමට සුදානම්.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ගෑස්, ඉන්ධන, කිරිපිටි, පොහොර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ගැටලු සඳහා විසඳුම් ලබා දීමට මෙන්ම ඉදිරියේදී ඇතිවෙන ගැටලු සඳහා උපකාර කිරිමට ඉන්දියාව පියවර ගන්නවා".

යැයි එම අසත්‍ය ට්විටර් සටහනේ සඳහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටින්නේ දෙරට අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය දුර්වල කිරිමට බංකොලොත් පාර්ශවයක් විසින් ගන්නා මෙවන් ක්‍රියා මාර්ග කිසිදා සාර්ථක නොවනු ඇති බවයි.

ඉන්දීය විදේශ ඇමතිවරයා ගේ ජායාරූපය යොදා ගනිමින් සැකසූ අසත්‍ය ට්විටර් සටහන පහතින් :

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට සතුටුදායක ආරංචියක්!!!. | Sri Lanka And India

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් නිකුත් කළ පැහැදිලි කිරීම පහතින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now



Gallery