ශ්‍රී ලංකාවේ ඉදිරිය ගැන IMF ජාත්‍යන්තර මාධ්‍යයට කියූ දේ
මුහුණදී ඇති ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ණය ලබා දෙන කාලසීමාව පමණක් නොව ඉන් පසුව ද ශ්‍රී ලංකා රජය මුල්‍ය ප්‍රතිව්‍යුහකරණ වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.
බී. බී. සී. පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වූ එම අරමුදලේ ණය ප්‍රාග්ධන වෙළඳපොල අංශ ප්‍රධානී පීටර් බෲවර් මේ බව කියා සිටියා.
“ශ්‍රී ලංකාව මේවනවිට දැඩි අර්බුදකාරි තත්ත්වයකයි සිටින්නේ. ඖෂධ, ඉන්ධන, අතවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයක් පවතිනවා. මෙම ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව ගොඩගන්න පුළුවන්. ඒ සඳහා මුදල් අවශ්‍යයි.
සාර්ථක ආර්ථික මාවතකට යන්නනම් ශ්‍රී ලංකා දිගු ගමනක් යන්න වෙනවා. දැනට ආණ්ඩුව කරගෙන යන මුල්‍ය ප්‍රතිව්‍යුහකරණ වැඩසටහන ක්‍රියාත්මක කළ යුතුයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ණය ලබා දෙන කාලසීමාව පමණක් නොව ඉන් පසුව ද ශ්‍රි ලංකා රජය මුල්‍ය ප්‍රතිව්‍යුහකරණ වැඩසටහන ක්‍රියාත්මක කළ යුතුයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |