ශ්‍රී ලංකාවට සහය වීමට චීනය තීරණය කරයි..! අගමැති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්..!

Gotabaya Rajapaksa Li Keqiang Mahinda Rajapaksa Sri Lanka Economic Crisis Sri Lanka
By Sewvandhi Apr 22, 2022 03:05 PM GMT
Report

ශ්‍රී ලංකාවේ ආර්ථික සහ සමාජ ස්ථාවරත්වය සඳහා චීනයේ සහය ලබාදෙන බව චීන අග්‍රාමාත්‍ය Li Keqiang මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහතික වී තිබේ.

සිකුරාදා (22) ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවති දුරකථන සංවාදයකදී චීන අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දුෂ්කරතා සහ අභියෝග පිළිබඳව චීනය අවබෝධ කරගෙන සිටින බවත්, ශ්‍රී ලංකාවේ ජනතාවගේ ජීවනෝපාය නඟා සිටුවීමට හැකි උපරිමයෙන් කටයුතු කරන බවත් චීන අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.

හදිසි මූල්‍ය ගැටලු විසඳීම සඳහා ශ්‍රී ලංකා සහ චීන රජයන් දෙකම එක්ව කටයුතු කරන බවට ඔහු සහතික විය.

නිදහස් වෙළඳ ගිවිසුම, ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟය අවම කිරීම සහ චීන සංචාරකයින් වැඩි වශයෙන් මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳ වැඩිදුර සාකච්ඡා පිළිබඳව අග්‍රාමාත්‍යවරුන් දෙදෙනාම සාකච්ඡා කර ඇත.

ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ලබාදෙන බවට චීන රජය සහතික වීම පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ස්තූතිය පළ කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery