ශ්‍රී ලංකා බංග්ලාදේශ 20යි 20, එක්දින සහ ටෙස් තරග කාල සටහන ප්‍රකාශයට පත් කරයි..තරග පවත්වන දින මෙන්න..

Cricket Sri Lanka Cricket Bangladesh Cricket Team ICC Men
By Aruna Feb 20, 2024 04:57 AM GMT
Report

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයට අදාළ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව, එහිදී විස්සයි විස්ස තරග 3ක් සහ එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතව ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

එමෙන්ම මෙම තරග සංචාරය සඳහා ටෙස්ට් තරග දෙකක්ද ඇතුළත් වීම විශේෂත්වයක්.

තරගාවලියේ විස්සයි විස්ස තරග මාර්තු මස 4, 6 සහ 9 යන දිනවල පැවැත්වීමට නියමිත අතර, එක්දින තරග මාර්තු මස 13,15 සහ 18 වනදා පැවැත්වෙනු ඇත.

මෙහිදී, පළමු ටෙස්ට් තරගය ආරම්භ වන්නේ, මාර්තු 22 වනදා වන අතර දෙවන ටෙස්ට් තරගය මාර්තු 30 වනදා ආරම්භ වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තරග සංචාරය පිළිබඳ නික්තුකළ නිවේදනය පහතින්,

Gallery