වනිඳු ගෙන් ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථානය තරගය ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..අවසන් මොහෙොතෙ ලංකාවට සිදු වූ දේ.(VIDEO)

Cricket Sri Lanka Cricket Wanindu Hasaranga Afghanistan Cricket Team
By Aruna Feb 22, 2024 03:19 AM GMT
Report

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවති තෙවැනි 20යි 20 තරගය ලකුණු 03කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඊයේ (21) සමත් වුණා.

කෙසේ වෙතත් දෙරට අතර පැවති 20යි 20 තරගාවලිය දෙකට එකක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගනු ලැබී ය .

ඊයේ තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 209ක් ලබාගත්තා.

ඇෆ්ගනිස්ථාන ඉනිම වෙනුවෙන් රහමනුල්ලා ගුර්බාස් ලකුණු 70ක් සහ හසරතුල්ලා සසායි ලකුණු 45ක් ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ, නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 206ක් පමණයි.

ශ්‍රි ලංකා ඉනිම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 60ක් සහ කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 65ක් ලබා ගැනීමට සමත් වුණා.

මෙම තරගයේ අවසන් පන්දු වාරයේ සිව් වැනි පන්දුව සම්බන්ධයෙන් තරග විනිසුරුවරයා විසින් ලබාදුන් තීන්දුව පිළිබඳ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක වනිදු හසරංග තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවක දී විශේෂ හෙළිදරව්වක් ද සිදු කළේ ය.

එහිදී වනිඳු ප්‍රකාශ කළේ, අන්තර්ජාතික තරගයක දී මෙවැනි විනිසුරු තීරණයන් කිසිමසේත්, බලාපොරොත්තු විය නොහැකි බවයි.

තව මඳක් පන්දුව ඉහළ ගියේ නම්, පන්දුව පිතිකරුගේ හිසේ වදින බවත් එවැනි දෙයක් නොපෙනේ නම් එම විනිසුරුවරයා අන්තර්ජාතික විනිසුරු මට්ටමට නොගැළපෙන බවත් නායක වනිඳු හසරංග තරයේ ප්‍රකාශ කළා.

එබැවින් එම විනිසුරුවරයා වෙනත් රැකියාවක් තෝරාගැනීම සුදුසු බවයි වනිඳු අවධාරණය කළේ.

මෙවැනි නිපන්දු පිළිබඳ ඇති වන ගැටලු සඳහා ද විනිසුරු තීරණ පිළිබඳ තෙවැනි විනිසුරුට යොමු කිරීම හෙවත් රිවීව් අවස්ථාව ඇති කළ යුතු බව වනිඳු හසරංග පැවසීය.

ශ්‍රී ලංකා නායකයා වැඩිදුරටත් කියා සිටියේ, අවශ්‍ය නම් පිටියේ විනිසුරුට එය තෙවැනි විනිසුරු සඳහා යොමු කිරීමට හැකියාව පැවති බවයි.

මීට අදාල වීඩියෝව පහතින්,