මෙරට ජනප්‍රිය ටෙලිනාට්‍ය රැසක රඟපෑ ජනප්‍රිය නිළියන් රුසියාවේ දී කරපු වැඩක් ලීක් වෙයි..

Sri Lanka Police Sri Lanka Sri Lankan Actor Russia
By Aruna Apr 19, 2024 01:56 AM GMT
Report

රුසියානු හමුදාවට කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් රැගෙන යෑමේ සංවිධානාත්මක ජාවාරමේ ඔහුන්ගේ ඒජන්සියේ ප්‍රවර්ධකයන් ලෙස සේවය කර ඇත්තේ සුරූපී තරුණියන් බව වාර්තා වනවා.

ඒ අතර පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ, මෑතකදී ජනප්‍රිය වූ ටෙලිනාට්‍ය රැසක රඟපාන තරුණ ජනප්‍රිය නිළියන් කිහිපදෙනකු ද සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

රුසියානු යුක්රේන යුද්ධයට ශ්‍රී ලාංකිකයන් යැවීම සම්බන්ධයෙන් විශ්‍රාමික මේජර්වරයෙකු ඇතුළු දෙදෙනෙකු CID අත්අඩංගුවට ගෙන ඇති අතර, මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

යුද හමුදා විශේෂ බළකායේ සේවය කර ඇති මේජර්වරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ වාරියපොළදී වන අතර, ඒජන්සිකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ දිගනදී වන අතර ඒ ඔවුන් පදිංචි නිවසේදී බවයි පැවසෙන්නේ.