ශ්‍රී ලංකාව ලෝකයේ 05 වන තැනට එයි..මුළු රටටම සුබ ආරංචියක් මෙන්න...

Sri Lanka Thailand Indonesia
By Aruna Apr 25, 2024 04:06 PM GMT
Report

CEOWORLD Magazine තුළින් නම් කළ ජීවිත කාලය තුළ සංචාරය කිරීමට හොඳම රටවල් 5 අතරට ශ්‍රී ලංකාවත් තේරී පත් වී තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව, ශ්‍රී ලංකාව 05 වන ස්ථානය හිමි කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එම වාර්තාවට රටවල් 67ක් අන්තර්ගත ව ඇති අතර, එහි පළමු තැන තායිලන්තයට හිමිව තිබේ.

එහි දෙවන ස්ථානය හිමිව ඇත්තේ ග්‍රීසියටයි.

එමෙන්ම එහි තුන්වන ස්ථානය ඉන්දුනීසියාවට හිමිව ඇති අතර සිව්වන ස්ථානය පෘතුගාලයට හිමිව තිබේ.