දිස්ත්‍රික්ක 6ක් සඳහා කාලගුණයෙන් අවවධාත්මක නිවේදනයක්..!

Sri Lanka Climate Change Weather
By Sithumi Feb 25, 2023 12:43 PM GMT
Report

දිස්ත්‍රික්ක 6ක් සඳහා වැසි සහ ප්‍රබල අකුණු ඇතිවීම සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීම් නිකුත්කර තිබේ.

රත්නපුර, කෑගල්ල, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග එලෙස ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි.

එම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැකි බව සඳහන් කරයි. 

 ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now