එන සතියේ මුළු රටටම වෙන දේ මෙන්න..හැමෝම දැඩි අවධානයෙන්.(VIDEO)

Sri Lanka
By Aruna Jun 26, 2022 11:08 PM GMT
Report

වරාය වෙත ලැබෙන ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමට ඉන්ධන නොමැති වීම හේතුවෙන් අද වන විට බස්නාහිර පළාතට පමණක් බෙදාහැරීම් සීමා වී ඇතැයි සමස්ත ලංකා වරාය ඒකාබද්ධ බහලුම් ප්‍රවාහනය කරන්නන්ගේ සංසදය සදහන් කරයි.

එහි සභාපති සනත් මංජුල මහතා පෙන්වා දෙන්නේ රටේ අනිකුත් පළාත්වල උග්‍ර ආහාර හිගයක් ඇති වී තිබෙන බවයි.

අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයට නිසි වැඩ පිළිවෙලකට අනුව ඉන්ධන ලබා නොදෙන පසුබිමක ලබන සතියේ වරායේ බහාලුම් ප්‍රවාහනය කරන්නන් අඛණ්ඩ වර්ජනයකට යොමුවන බවත් ඔහු පැවසීය.

මෙම තත්වය මත ඉදිරි දින කිහිපය තුළ රටේ උග්‍ර ආහාර හිගයක් ඇති විමට නියමිත බවත් ඔහු වැඩි දුරටත් කියා සිටී.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now