ලොවම මවිත කරමින් පළමු මංගල ගමන විනාඩි දෙක,තුනකින් පුපුරා යයි..

Accident
By Aruna Apr 21, 2023 02:11 AM GMT
Report

ලොව සුපිරි ධනවතෙකු වන එලෝන් මස්කගේ “ස්පේස් එක්ස්” සමාගමේ රොකට්ටුව පළමු අත්හදා බැලීමේදීම උඩු ගුවනේදී පුපුරා ගොස් තිබෙනවා.

සමස්ථ ලෝකයේම අවධානය දිනූ “ස්ටාර් ශිප්” ලෙස නම් කර තිබූ මෙම දැවැන්ත රොකට්ටුව සිය මංගල ගමනේදීම පුපුරා යන්නේ එය උඩුගුවනට එක් කර මිනිත්තු දෙකත් - තුනත් අතර කාලයක් ගතවෙද්දී වීම විශේෂත්වයක්.

මෙම රොකට්ටුව සැලකෙන්නේ මෙතෙක් නිෂ්පාදනය කළ දැවැන්තම රොකට්ටුවක් ලෙසයි.

අමෙරිකානු වේලාවෙන් බ්‍රහස්පතින්දා උදෑසන ටෙක්සාස් හි නැගෙනහිර වෙරළ තීරයේදී මෙම අත්හදා බැලීම සිදුකෙරුණා.

ඒ, කිසිදු කාර්ය මණ්ඩල සාමාජිකයෙකු නොමැතිවයි.

රොකට්ටුව ඉහළට නගිද්දී එහි තිබූ එන්ජින් 33න් හයක් ක්‍රියා විරහිත වී හෝ ගිනිගෙන දැවී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රොකට්ටුව පුපුරා යාමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.

කෙසේවෙතත් පළමු උත්සාහය අසාර්ථක වුවද එලෝන් මස්ක් පවසා ඇත්තේ තම සමාගම තවත් මාස කිහිපයකින් යළි උත්සාහ කරන බවයි.

මේ හරහා ලද දත්ත උපයෝගී කර ගනිමින් දෙවන “තරු නැව” පියාසර කිරීමට කටයුතු සූදානම් කරන බවයි ්‘ස්පේස් එක්ස්” ඉංජිනේරුවන් පවසන්නේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now