රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගනී - සම්පූර්ණ විස්තරය මෙතනින්.

Government Employee Government Of Sri Lanka Latest Headlines Decision Making
By krishani Dec 27, 2023 12:01 PM GMT
Report

රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණයක් ගෙන තිබෙනවා.

රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගනී - සම්පූර්ණ විස්තරය මෙතනින්. | Special Leave For Government Employees

ඒ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආයතන සඳහා පැමිණීමට නොහැකි වූ රාජ්‍ය සේවකයින්ට එලෙස පැමිණීමට නොහැකි වූ දින විශේෂ නිවාඩු දින ලෙස සැලකීමටයි.

ඒ අනුව පසුගිය සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල දිවයිනේ විවිධ ප්‍රදේශවල ඇති වූ ජල ගැලීම්, ගංවතුර සහ නායයෑම් නිසා සේවයට වාර්තා කිරීමට නොහැකි වූ නිලධාරීන් සඳහා පමණක් මෙය වලංගු වේ.

ඒ සම්බන්ධයෙන් මෙම අමාත්‍යංශය විසින් විශේෂ චක්‍රලේඛයක් ද නිකුත් කර ඇත.

එම ලේඛනයේ සඳහන් වන්නේ මෙලෙස ලබා දෙන විශේෂ නිවාඩු අදාළ ආයතනයේ පවත්වාගෙන යනු ලබන නිවාඩු ලේඛනයේ සුදුසු පරිදි ඇතුළත් කළ යුතු බවයි.

රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගනී - සම්පූර්ණ විස්තරය මෙතනින්. | Special Leave For Government Employees

ඒ අනුව තමාට රාජකාරියට වාර්තා කිරීමට නොහැකි වූ හේතුව සඳහන් කර එය ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් සහ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාගෙන් නිර්දේශ සහිතව ආයතන ප්‍රධානියා වෙත ඉදිරිපත් කළ යුතු බව සඳහන් වේ.

ජංගම දුරකථන ගැන රජයෙන් විශේෂ දැනුම්දීමක් - අනිවාර්යයෙන් මේ දේ කරන්න.. (VIDEO)

ජංගම දුරකථන ගැන රජයෙන් විශේෂ දැනුම්දීමක් - අනිවාර්යයෙන් මේ දේ කරන්න.. (VIDEO)


කෙසේ වෙතත්, අදාළ ඉල්ලීම පිළිබඳ පරික්ෂා කිරීමෙන් අනතුරුව ආයතන ප්‍රධානියා විසින් කර එහි නිරවද්‍යතාව පිළිබද සෑහිමකට පත් වන්නේ නම් මෙම විශේෂ නිවාඩුව ලබා දෙන බව වාර්තා වේ.