බඩු මිල අඩු වෙයිද? ජනතාවට දෙන විශේෂ සහන ගැන ජනපති කියයි.

Mahinda Amaraweera Ministry of Agriculture
By Gagana Feb 28, 2024 09:10 AM GMT
Report

මේ වනවිට ආහාර මත පනවා ඇති බද්ද අඩු කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා තිබෙනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූවේ මෙම බද්ද ලබන මාසයේදී අඩුකරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බවයි.

මීට අමතරව විදුලි බිල අඩු කිරීම, ඉන්ධන මිල අඩු කිරීම වැනි සහනද ලබන මස සිට ජනතාව ලබා දෙන බවයි ජනාධිපතිවරයා පවසා ඇත්තේ.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 300-280 අතර අගයක පවත්වාගැනීම සිය ඉලක්කය වන අතර එසේ වුවහොත් බඩු මිල තවදුරටත් අඩු කළ හැකි බවයි සඳහන් වන්නේ.