එක්සත් ජාතික පක්ෂයෙන් හදිසියේම විශේෂ නිවේදනයක්..

Politics Unp politica
By Sithumi Mar 31, 2022 10:50 AM GMT
Report

නිර්නාමික කණ්ඩායම් විසින් සංවිධානය කරන කිසිදු විරෝධතාවයකට එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ නොවන බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එක්සත් ජාතික පක්ෂයේ නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් එම පක්ෂය මේ බව ප්‍රකාශ කර තිබේ. අදාළ නිවේදනය පහතින්

. උපුටා ගැනීම "නිර්නාමික කණ්ඩායම් විසින් සංවිධානය කරන කිසිදු විරෝධතාවයකට එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ වන්නේ නැහැ.අපගේ සත්‍යග්‍රහ ව්‍යාපාරය රටපුරා ඉදිරියට ගෙන යාමට අපි කැපවී සිටිමු.

මීළඟ සත්‍යග්‍රහය අප්‍රේල් 6 වැනිදා මාතරදී පැවැත්වේ. අපි හැමෝටම ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා." උපුටා ගැනීම අවසන්