සුන්දර ඇල්ලට සුඛෝපභෝගී විශේෂ දුම්රිය ගමනක් - දුම්රිය නවත්වා ඡායාරූප ගැනීමටත් අවසර..(VIDEO)

train Kandy Ella Wallavaya Dhemodara
By Sewvandhi Mar 06, 2022 10:29 AM GMT
Report

මහනුවර සිට ඇල්ල දක්වා විශේෂිත දුම්රිය ගමන් වාරයක් මහනුවර දුම්රිය ස්ථානයෙන් ආරම්භ කළේය. සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව සහ සංචාරක අමාත්‍යාංශය එක්ව එම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

අති සුඛෝපභෝගී වායු සමනය කළ මැදිරිවලින් සමන්විත මෙහි ගමන් කිරීමට දෙස් විදෙස් ඕනෑම සංචාරකයෙකුට අවස්ථාව හිමි වේ.

මහනුවර සිට දෙමෝදර දුම්රිය ස්ථාන අතර ඇති ආකර්ෂණීය ස්ථානවල දුම්රිය නවත්වා එහි සුන්දරත්වය විඳගැනීමට සහ ඡායාරූප ලබාගැනීමට සංචාරකයින්ට මෙහිදී අවස්ථාව හිමිවීම විශේෂත්වයකි.  

(වීඩියෝ අයිතිය - අද දෙරණ)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now