මෙන්න තරුණ ඔබට සුවිශේෂී රැකියා අවස්ථාවක්...දැන්ම අයදුම් කරන්න..

Sri Lanka Technology Spacial notice
By Aruna Mar 21, 2022 05:46 AM GMT
Report

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදී සමූහය (TISL Journalism Fellowship) ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් නම් දූෂණයට එරෙහි ගෝලීය සංවිධාන ජාලයේ ලාංකේය පරිචය වන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින්, ජනමාධ්‍යවේදීන් සමඟ එක්ව විමර්ශනාත්මක මාධ්‍යකරණය, මාධ්‍ය අධ්‍යාපනය සහ ශ්‍රී ලංකාවේ මාර්ගගත මාධ්‍ය සාක්ෂරතාවේ දියුණුව උදෙසා කටයුතු කිරීමට තරුණ ජනමාධ්‍යවේදීන්ගෙන් අභිලාෂ ප්‍රකාශ කිරීම් සඳහා ආරාධනා කරනු ලැබේ.

මේ සඳහා ශ්‍රී ලංකාවේ උතුරු (වවුනියා දිස්ත්‍රික්කයට ප්‍රමුඛත්වය හිමි වේ), නැගෙනහිර (කින්නියා සහ මුතූර් ප්‍රදේශවලට ප්‍රමුඛත්වය හිමි වේ), දකුණු (ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ප්‍රමුඛත්වය හිමි වේ), වයඹ (කුලියාපිටියට ප්‍රමුඛත්වය හිමි වේ) සහ මධ්‍යම (මස්කෙළියට ප්‍රමුඛත්වය හිමි වේ) යන පළාත්වලින් අයදුම්පත් අපේක්ෂා කෙරේ.

මෙම සමූහයේ සාමාජිකයන් හට වැඩමුළු පැවැත්වීම සහ රාජ්‍ය ප්‍රසම්පාදනය, වගවීම, තොරතුරු දැනගැනීමේ අයිතිය, වත්කම් බැරකම් ප්‍රකාශ හෙළි කිරීම, වත්කම් ප්‍රතිසාධනය, අල්ලස හා දූෂණය, සහභාගීත්ව අයවැය සහ අවශ්‍යතාව පරිදි අනෙකුත් ක්ෂේත්‍ර පිළිබඳ වන තොරතුරු වාර්තාකරණයට සහයෝගය ලබා දීම සිදු කෙරේ.

තෝරාගත් නවක සහ තරුණ ජනමාධ්‍යවේදීන් හට සිය විමර්ශනාත්මක ජනමාධ්‍ය කුසලතා වර්ධනය කර ගැනීමට සහ දූෂණයට අදාළ තේමා වාර්තාකරණයට රුකුලක් වශයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් 2019 වසරේ සිට මෙම ජනමාධ්‍යවේදී පුහුණු වැඩසටහන ආරම්භ කරන ලදි.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් මහජන සහභාගීත්වය ශක්තිමත් කිරීමට සහ අයවැය අධීක්ෂණ ක්‍රියාවලි පිළිබඳ උපදේශනයට “Strengthening Accountability Networks Among Civil Society (SANCUS)” ව්‍යාපෘතිය යටතේ ආධුනික ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සය දෙනෙකු 2021 ජනවාරි සිට 2023 දෙසැම්බර් දක්වා බඳවා ගනු ඇත.

2022 අප්‍රේල් සිට 2023 නොවැම්බර් දක්වා වන ව්‍යාපෘති කාලසීමාවේ දී සාර්ථක අයදුම්කරුවන් විසින් ඉහත සඳහන් කරන ලද මාතෘකාවලට සම්බන්ධ ප්‍රවෘත්ති වාර්තාකරණයේ දී සහ පළ කිරීමේ දී තමන් ලබා ගත් දැනුම ඊට අදාළ කරගැනීම අවශ්‍ය වේ.

ආධුනික මාධ්‍යවේදීන් සය දෙනා ඉහත සඳහන් කළ පළාත්වලින් එකක හෝ ව්‍යාපෘති අවශ්‍යතාව මෙන් ම අපේක්ෂකයන්ගේ මාධ්‍ය වැඩ එකතුව අනුව විවිධ පළාත්වලින් ද විය හැකිය.

ප්‍රවෘත්ති සම්පාදනයට සහායක් වශයෙන් මෙම මාධ්‍යවේදී සමූහයේ සාමාජිකයන් හට මාසික දීමනාවක් හිමිවනු ඇත.

මුද්‍රිත, විද්‍යුත් සහ ඩිජිටල් මාධ්‍ය යන අංශවල නියුතු ප්‍රාදේශීය මාධ්‍යවේදීන් හට මෙම සාමාජිකත්වය විවෘත වේ.

ව්‍යාපෘති කාලසීමාව පුරා ඔවුන්ට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය සමඟ වැඩකටයුතු කරන පළපුරුදු උපදේශකවරුන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් මගින් වෙන් වෙන් වශයෙන් උපදේශනය ලබා දෙනු ඇත.

සුදුසුකම් සහ අභිලාෂ ප්‍රකාශ කිරීමේ නිර්ණායක සුදුසුකම් සපුරන අපේක්ෂකයා:

– වයස අවුරුදු 20-35 අතර ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුය.

– දූෂණ විරෝධී වැඩකටයුතුවලට ඇති කැමැත්ත සහ ඉහත සඳහන් කළ විෂයයන් පිළිබඳ (විශේෂයෙන් මහජන සහභාගීත්වය සහ අයවැය සහ අධීක්ෂණ ක්‍රියාවලි පිළිබඳ) ඇති අවබෝධය විස්තර කෙරෙන ආවරණ ලිපියක් සමඟ යාවත්කාලීන කළ ජීව දත්ත පත්‍රිකාවක් යොමු කළ යුතුය.

– අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් පිළිබඳ සාක්ෂි යොමු කළ යුතුය.

– මුද්‍රිත, විද්‍යුත් හෝ ඩිජිටල් යන කුමන හෝ අංශයක වැඩ සාම්පල තුනක් යොමු කළ යුතුය.

– මෙම වැඩසටහන හා සම්බන්ධ වීමට කර්තෘ/ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ විසින් අවසර ලබා දුන් බවට වන ලියුමක් යොමු කළ යුතුය. (නිදහස් වෘත්තිකයෙකු නම්, කර්තෘවරයෙකු හෝ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුගෙන් ලද නිර්දේශ ලිපියක් යොමු කළ යුතුය.)

– අයදුම්කරු ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ ජනමාධ්‍යවේදී සමූහයෙන් මින් පෙර සාමාජිකත්වයක් ලැබූ අයෙකු නොවිය යුතුය.

“Regional Journalism Fellowship” යන මාතෘකාව යොදා tisl@tisrilanka.org විද්‍යුත් ලිපිනයට අභිලාෂ ප්‍රකාශ කිරීම් යොමු කරන්න.

අයදුම්පත් එවිය යුතු අවසාන දිනය 2022 මාර්තු 27 වේ.

விண்ணப்பங்கள் கோரல் – ட்ரான்ஸ்பேரன்சி இன்டர்நெஷனல் ஸ்ரீ லங்கா நிறுவனத்தின் ஊடகவியல் நட்புறவுத் திட்டம் (Journalism Fellowship) ஊழலுக்கு எதிரான செயற்படும் உலகளாவிய நிறுவனமான ட்ரான்ஸ்பேரன்சி இன்டர்நெஷனலின் உள்நாட்டு அமைப்பான ட்ரான்ஸ்பேரன்சி இன்டர்நெஷனல் ஸ்ரீ லங்கா (TISL) நிறுவனமானது, இலங்கையில் புலனாய்வு ஊடகவியல், ஊடகக் கல்வி மற்றும் இணையவழி ஊடக அறிவினை இளம் ஊடகவியலாளர்கள் மத்தியில் மேம்படுத்தும் நோக்குடன் வடமாகாணம் (வவுனியா பிரதேச ஊடகவியலாளர்கள் விரும்பத்தக்கது), கிழக்கு மாகாணம் (கிண்ணியா மற்றும் மூதூர் பிரதேச ஊடகவியலாளர்கள் விருப்பத்தக்கது), தென் மாகாணம் (காலி மற்றும் மாத்தறை பிரதேச ஊடகவியலாளர்கள் விரும்பத்தக்கது), வடமேல் மாகாணம் (குளியாபிட்டிய பிரதேச ஊடகவியலாளர்கள் விரும்பத்தக்கது), மத்திய மாகாணம் (மஸ்கெலியா பிரதேச ஊடகவியலாளர்கள் விரும்பத்தக்கது) போன்ற பிரதேச ஊடகவியலாளர்களிடமிருந்து விண


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now