ඔබට අත්‍යවශ්‍ය සහතික වර්ග 04ක් ලබාගත හැකි දින ගැන දැනුම්දීමක්..

Government Employee Sri Lanka
By Aruna Jun 29, 2022 02:27 AM GMT
Report

පවතින තත්ත්වය හේතුවෙන් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ඉඩම් සහ උප්පැන්න, මරණ සහ විවාහ සහතික පිටපත් නිකුත් කිරීම වැනි සේවා එහි සියලූම ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් කාර්යාල හරහා සඳුදා සහ බදාදා පෙරවරු 08.30 සිට පස්වරු 4.30 දක්වා සීමා කෙරෙන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

කෙසේවෙතත් එම දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල සුහුරුපාය පිහිටි ශාඛාව හා කුරුණෑගල, මහනුවර, මාතර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ශාඛා කාර්යාල අයත් වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශ සතියේ දින 05 තුළදී අදාළ සේවා සඳහා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න...
Join now