ප්‍රංශ යුවතියට මෙරට සම්භාහන මධ්‍යස්ථානයකදී සිදුවූ දේ..යුවතිය එම ස්ථානයෙන් වහා පිටව යයි..

Sri Lanka Police Sri Lanka
By Aruna May 05, 2023 05:09 AM GMT
Report

සම්භාහන සේවාවක් ලබාගැනීමට ගිය ප්‍රංශ ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව පැවසෙන අයෙකුව සහ ඊට අනුබල දුන් බව කියන ව්‍යාපාරිකයෙකුව තොඩුවාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රංශ ජාතික කාන්තාව විසින් තොඩුවාව පොලීසියට කර ඇති පැමිණිල්ලකට අනුව එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාරවිල - තල්විල ප්‍රදේශයේ සම්භාහන ආයතනයක් පවත්වා ගෙන ගිය පුද්ගලයෙක්ව සහ එහි සේවය කළ අයෙකුවය.

සැකකරුවන් විසින් පවත්වා ගෙන ගිය සම්භාහන ආයතනය බලපත්‍ර ලබා නොගන පවත්වා ගෙන ගිය එකක් බවටද පොලීසිය විසින් සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

තමන් පසුගිය 15 වෙනිදා මෙරටට පැමිණ මාරවිල - තල්විල ප්‍රදේශයේ තරු හෝටලයක නවාතැන් ගත් බවත්, 16 වෙනිදා සවස සම්භාහනය සිදුකර ගැනීම සඳහා එම ප්‍රදේශයේම පවත්වාගෙන යන සම්භාහන මධ්‍යස්ථානයක් වෙත ගිය බවද පැමිණිලිකාරිය පොලීසිය හමුවේ පවසා තිබේ.

සිරුර සම්භාහනය කරන මුවාවෙන් එහි සිටි සේවකයෙකු තමන්ගේ ලිංගික ප්‍රදේශය අනවශ්‍ය ලෙස ස්පර්ශ කිරීම නිසාවෙන් තමා එම ස්ථානයෙන් පිටව ගිය බව ද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now