හදිසියේම දකුණේ ප්‍රධාන මාර්ග බොලොක් කරයි..(PHOTOS)

Galle Mathara Picketing Southern provincial Dikwelle Thangalle
By Aruna Apr 19, 2022 05:20 AM GMT
Report

මාතර නගර මාධ්‍යයෙන් තංගල්ල – කොළඹ, කතරගම – කොළඹ ප්‍රධාන මාර්ගය, පරණ මාතර පාර අවහිර වී තිබෙනවා.

ඒ මාතර නගරයේ පැවැත්වෙන බස් රථ හිමියන්, රියදුරන් සහ කොන්දොස්තරවරුන්ගේ විරෝධතාවයක් හේතුවෙන්.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් මෙම විරෝධතාවය ආරම්භ කර තිබෙනවා.

මේ අතර ගාලු නගර මාධ්‍යයෙන් ගාල්ල – කොළඹ සහ ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගය ද අවහිර වී තිබෙන බව අප වාර්තාකරුවන් පවසනවා.

ඒ ගාල්ල නගරයේ පැවැත්වෙන බස් රථ හිමියන්, රියදුරන් සහ කොන්දොස්තරවරුන්ගේ විරෝධතාවයක් හේතුවෙන්.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් මෙම විරෝධතාවය ද ආරම්භ කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery