කොරියාවෙන් ශ්‍රී ලංකාවට සහය - ආධාර මුදල් හා රැකියා අවස්ථා ගැන විශේෂ තීරණයක්..!

parliament SriLanka economic crisis South korea Mahibda Yapa
By Sewvandhi Apr 06, 2022 09:00 AM GMT
Report

දකුණු කොරියානු රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධීකරණ අමාත්‍ය යුන් චියෝල් මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු වී තිබෙනවා.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති මෙම විශේෂ හමුවට ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති ජියෝන් වූජින් මහතා ද එක්ව සිටියා. දකුණු කොරියානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර ද්වීපාර්ශවීය සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ගතයුතු පියවර පිළිබඳ මෙහිදී සාකච්ඡා කළ බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික සහ සංස්කෘතික ප්‍රවර්ධනය සඳහා දකුණු කොරියානු රජයේ සහයෝගය නිරතුරුව ලබා දෙන බව කොරියානු රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධීකරණ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.

කථානායකවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව වර්තමානයේදී මුහුණ දී ඇති ගැටලු විසඳා ගැනීම සඳහා දකුණු කොරියාව ඇතුළු මිත්‍ර රටවල සහයෝගය අත්‍යවශ්‍ය බවයි

එමෙන්ම කොරියාව විසින් ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන්ට ලබා දෙන රැකියා කෝටාව දෙගුණයකින් ඉහළ දැමීමටත් ,සංවර්ධන ආධාර ඉහළ දැමීමටත් තීරණය කර තිබේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now