මෙරට මත්ද්‍රව්‍ය ජාලයක පුරුකක් වූ මෘදුකාංග ඉංජිනේරුවා කොටු වූ හැටි. - තවත් තොරතුරු රැසක් එළියට. - (VIDEO)

Sri Lanka Police Drugs
By Wayomi Apr 29, 2024 08:02 AM GMT
Report

ඉතාලියේ සිට මෙරටට ගෙන්වන රුපියල් ලක්ෂ 50කට ආසන්න වටිනාකමින් යුත් හෑෂ් හා කුෂ් මත්ද්‍රව්‍ය සඟ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයට සහ බස්නාහිර පළාත් බුද්ධි අංශයට සහ විශේෂ කාර්යාංශයේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සැකකරු නුගේගොඩ විජේරාම හන්දියේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඔහු සන්තකයේ තිබී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 238, කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 90ක්, මුදලින් රුපියල් 100,000ක්, ඇපල් වර්ගයේ ජංගම දුරකථන දෙකක්, ස්කූටි වර්ගයේ යතුරුපැදියක් පොලිස් බාරයට ගෙන ඇත.

මෙම මත්ද්‍රව්‍ය ඉතාලියේ සිට මෙරටට ගෙන්වා ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර සැකකරු මෘදුකාංග ඉංජිනේරු උපාධිය ලැබූවකු බවත් ඔස්ට්‍රේලියාවේ රැකියාවකට යාමට තවත් පාඨමාලාවක හදාරමින් සිටි පුද්ගලයකු බවත් සඳහන්.

රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වෙන 23 හැවිරිදි සැකකරු අද (29) නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මිරිහාන පොලීසියට භාරදී ඇත.

එමෙන්ම ඉතාලියේ සිට හෑෂ් සහ කුෂ් මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වන ජාලයේ මහමොළකරු කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට තොරතුරු අනාවරණය වී ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.