සිසුන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෝතිකා විවේචකයන්ට දුන් සැර උත්තරය මෙන්න

Jyothika NEET Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Jul 26, 2026 02:48 PM GMT
Report

ඉන්දියාවේ NEET ප්‍රවේශ විභාග ප්‍රශ්න පත්‍ර කාන්දුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් රට පුරා මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය අතරතුර, එම ගැටලුවට එරෙහිව විරෝධය පළ කරන සිසුන්ට සිය සහය පළ කළ නිළි ජ්‍යෝතිකා සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වූ විවේචනවලට සෘජුව ප්‍රතිචාර දක්වා තිබේ.

සිද්ධියේ වගකීම භාර ගනිමින් ඉන්දියාවේ මධ්‍යම අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවද ජ්‍යෝතිකා සිය සමාජ මාධ්‍ය සටහනෙන් සඳහන් කර තිබුණි.

ඇයගේ ප්‍රකාශයත් සමඟ සමාජ මාධ්‍ය තුළ පක්ෂ සහ විපක්ෂ අදහස් රැසක් පළ වූ අතර, ඇතැම් පිරිස් ජ්‍යෝතිකා පෞද්ගලිකව විවේචනය කිරීමටද කටයුතු කර තිබිණි.

සිසුන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෝතිකා විවේචකයන්ට දුන් සැර උත්තරය මෙන්න | Social Media Slams Jyothika Over Neet

"ඔයා ටිකක් කලින් ආවා මැඩම්" යනුවෙන් උපහාසාත්මකව පළ කළ අදහසකට ප්‍රතිචාර දක්වමින් ජ්‍යෝතිකා සඳහන් කළේ, කිසිදු යහපත් ක්‍රියාවක් ප්‍රමාද නොවන බවත්, අන් අය විවේචනය කිරීමට පෙර සමාජයට තමන්ගෙන් සිදුවන දායකත්වය පිළිබඳ සිතා බැලිය යුතු බවත්ය.

"ඔයා කැමති ඕනෑම දෙයක් කතා කරලා පසුව මුම්බායි යනවා" යන චෝදනාවට පිළිතුරු දෙමින් ඇය ප්‍රකාශ කර ඇත්තේ, තමන් ඉන්දියාවේ ජීවත් වන අතර සිනමා කටයුතුවල නිරත වෙමින් එරට සමාජ ගැටලු සම්බන්ධයෙන් අදහස් දැක්වීම තම අයිතියක් බවයි.

සිසුන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෝතිකා විවේචකයන්ට දුන් සැර උත්තරය මෙන්න | Social Media Slams Jyothika Over Neet

සිසුන්ට එල්ල වන ප්‍රචණ්ඩත්වයට වඩා දේශපාලන කරුණු ප්‍රමුඛ කරමින් කටයුතු කරන බවට එල්ල වූ විවේචනයකටද ජ්‍යෝතිකා ප්‍රතිචාර දක්වා ඇති අතර, සිසුන්ගේ ආරක්ෂාව සහ ඔවුන් මුහුණ දෙන අසාධාරණතා පිළිබඳ අවධානය යොමු කළ යුතු බව ඇය අවධාරණය කර තිබේ.

තම සමාජ මාධ්‍ය සටහන් සඳහා මුදල් ලබාගෙන අදහස් පළ කරන බවට එල්ල වූ චෝදනාද ජ්‍යෝතිකා ප්‍රතික්ෂේප කර ඇති අතර, එවැනි චෝදනා එල්ල කරන පිරිස්ගේ අරමුණු පිළිබඳවද ප්‍රශ්න කර තිබේ.

ජ්‍යෝතිකාගේ මෙම ප්‍රතිචාර සමාජ මාධ්‍ය තුළ පුළුල් අවධානයක් දිනාගෙන ඇති අතර, ඒ පිළිබඳ සංවාදය තවදුරටත් උණුසුම් වී ඇත.