ඔබත් පරිස්සමෙන්.. ඔබේ සමාජ මාධ්‍ය රැකගන්න ඕනි මෙහෙමයි

By Sithumini 6 months ago
Report

මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන මූල්‍ය වංචාවල්ද් ඉහළ යාමක් සිදුව තිබෙනවද්. මේ පිළිබදව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවත්. නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම පසුගිය සතියේ සමාජ මාධ්‍යවල පළවූ ප්‍රධානම දෙයක් ලෙස මුජිබර් රහුමාන් මහතාගේ වට්සැප් ගිණුම හැක් කර ඒ ඔස්සේ මුදල් ඉල්ලා පණිවුඩ යැවීමක් සිදුව තිබුණාං

මේ වන විට මෙවැනි මූල්‍ය වංචා සම්බන්ධයෙන් වැඩි වශයෙන් පැමිණිලි ලැබෙමින් පවතින් බැවින් තම සමාජ මාධ්‍ය මුරපද හෝ කේත අංක වෙනත් පුද්ගලයින් සමග බෙදා ගැනීමෙන් වළකින ලෙස ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

එමෙන්ම මෙහ්දි ඔවුන් පෙන්වා දෙන්නේ මුදල් ඉල්ලා පණිවිඩ පැමිණියහොත් මුදල් ලබා දීමට පෙර එම පණිවුඩ තහවුරු කරගන්න ලෙසයි