ව්‍යාජ සමාජ ජාලා සම්බන්ධයෙන් ගත් පියවර..
By krishani
සමාජ මාධ්‍ය ජාලා නියෝජිතයින් සහ යුරෝපා සංගමය අතර පැවති සාකච්ඡාවක දී ව්‍යාජ ගිණුම් ඇතුළු සාවද්‍ය තොරතුරුවලට එරෙහිව නව ක්‍රියාමාර්ග ගැනීමට ෆේස්බුක් ඇතුළු සාමාජ මාධ්‍ය ජාල කිහිපයක් එකඟතාව පළ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එම සාකච්ඡාවට මෙටා, ගූගල්, ට්විටර් සහ මයික්‍රොසොෆ්ට් යන සමාගම්වල නියෝජිතයින් මේ සඳහා සහභාගී වී ඇති අතර ඒ අනුව ව්‍යාජ ගිණුම් ඇතුළු සාවද්‍ය තොරතුරුවලට එරෙහිව දඩ ක්‍රමවේදයක් සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමුව තිබේ.
යුරෝපා සංගම් නියෝජිතයින් එහිදී සඳහන් කර ඇත්තේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත්කරන සාවද්‍ය තොරතුරුවලට එරෙහිව දැඩි පිළිවෙතක් අනුගමනය කළ යුතු බවය.