අදම කෙටි පණිවිඩයක් මගින් ඔබගේ එන්නත්කරණයේ ප්‍රගතිය දැනගන්න..විස්තර මෙතනින්...
Covid
vaccination
sms
vaccine card
By Sewvandhi
ඔබේ එන්නත්කරණයේ ප්‍රගතිය දැන ගැනීමට රජයේ තොරතුරු මධ්‍යස්ථානයට කෙටි පණිවිඩයක් යැවිය හැක.
එය IMO එන්නත් කාඩ් පත සඳහා පහසු විකල්පයකි.
පහත දක්වා ඇති පරිදි 1919 ට ඔබගේ SMS පණිවිඩය යොමු කරන්න.
ආකෘතිය:
VAC<හිස්තැනක්>NIC අංකය සහ 1919 වෙත යවන්න.
මේ අතර, ලබන අප්‍රේල් මස 30 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි කොරෝනා රෝග වැළැක්වීමට අදාළ පූර්ණ එන්නත්කරනයට ලක් නොවූ පුද්ගලයින් පොදු ස්ථානවලට ඇතුල් වීම වළක්වාලමින් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
මහාචාර්යවරයෙකු වන එෆ්.එම්. ජයතිලක විසින් එම පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
එහි වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ, මහාචාර්ය චන්න ජයසුමන, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මෙන්ම, පොලිස්පතිවරයා ඇතුළු 12 දෙනෙකු නම් කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |