කොළඹ - මහනුවර බස් මගීන්ට සුබ ආරංචියක් - අනවශ්‍ය නැවතුම් අඩු කරන්න යයි

Bimal Rathnayake Srilanka Bus Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Oct 11, 2026 09:11 AM GMT
Report

කොළඹ - මහනුවර වැනි කෙටි දුර බස් සේවාවල තේ පානය කිරීමේ විරාම සඳහා සිදුකරන අනවශ්‍ය නැවතුම් සීමා කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (SLTB) සැලසුම් කර තිබෙනවා.

එහි සභාපති සජීව කනකරත්න මහතා සඳහන් කළේ, බස් රථ රියදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ අවශ්‍යතා පිළිබඳවද අවධානය යොමු කරමින්, ගමන් කරන දුර සහ ගමනාන්තය අනුව මෙම පියවර ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි.

කෙසේ වෙතත්, දිගු දුර බස් ගමන්වලදී රියදුරන්ගේ වෙහෙස අවම කිරීම සහ මාර්ග අනතුරු ඇතිවීමේ අවදානම පාලනය කිරීම සඳහා අවශ්‍ය විරාම ලබාදීම තවදුරටත් වැදගත් වන බවද සභාපතිවරයා පෙන්වා දී තිබෙනවා.

මෙම වැඩපිළිවෙළ හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සැලසුම් කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වනවා.