ජනපති මන්දිරයේ ඇඳ ඇතිරිල්ලක් සොරකම් කළ සැකකරුට අධිකරණය දුන් නියෝගය..
Sri Lanka
By krishani
ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළුව එහි වූ ඇඳ ඇතිරිල්ලක් සොරකම් කළේ යැයි අත්අඩංගුවටගත් සැකකරුවකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර එහිදී ඉදිරිපත්කළ කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අදාළ සැකකරු ලබන 09 වන දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |