හම සුදු කරගන්න ගිය අයට රතු එළියක්.. දැඩි අවධානමක් සමඟ අනතුරු ඇඟවීමක්..

Skin Cancer Sri Lanka Ministry of Health Sri Lanka Healthy Food Recipes Skin Care
By Aruna Jun 05, 2023 06:30 AM GMT
Report

ලෝකයේ කිසිදු රටක අනුමත කර නොමැති එන්නතක් මෙරට ඇතැම් පුද්ගලයින් සිය සම සුදු කිරීම සඳහා භාවිතා කරන බවට පැමිණිලි ලැබී ඇතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කරනවා.

පිළිකා රෝගීන්ගේ සංකූලතා අවම කිරීමට අඩු මාත්‍රාවක් යටතේ ලබාදෙන ග්ලුටතියොන් (Glutathione) එන්නත ඇතැම් පෞද්ගලික රෝහල්වල රූපලාවන්‍ය කටයුතු සිදු කරන අංශ සම සුදු කර ගැනීමට පැමිණෙන ගනුදෙනුකරුවන්ගෙන් රුපියල් ලක්ෂයක් පමණ අයකර ලබාදෙන බවට වාර්තා වී ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.

එම අධිකාරිය සඳහන් කළේ, ඇතැම් රූපලාවන්‍යාගාරවල සහ පුද්ගලික නිවාස සංකීර්ණයන් තුළ ද මෙම එන්නත සම සුදු කිරීම සඳහා පැමිණෙන විවිධ වයස් සීමාවල පිරිමි සහ කාන්තා දෙපාර්ශ්වයේම ගනුදෙනුකරුවන්ට ලබා දෙන බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

සම සුදු වීමට සහ පැහැපත් වීමට ග්ලුටනයොන් ටැබ්ලට් සහ ක්‍රීම් වර්ග භාවිතා කිරීමට නීතියෙන් අවසර තිබෙනවා.

එන්නත භාවිතා කිරීමට අවසර දී නැහැ. එම එන්නත සම සුදුවීමට භාවිතා කරන පුද්ගලයින්ට අතුරු ආබාධ රැසක් ඇති වෙනවා.

විශේෂයෙන්ම වකුගඩු ආබාධ, රුධිර නාළ ආශ්‍රිත සංකූලතා, තෛරොයිඩ් ග්‍රන්ථියේ ආබාධ ඇතුළු විවිධ අතුරු ආබාධ ඇතිවීමේ ඉඩකඩ වැඩියි.

මෙම එන්නත් භාවිතා කරන පෞද්ගලික රෝහල් රූපලාවන්‍යාගාර පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා.’’

යැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක අමිත් පෙරේරා සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now