බිහිසුණු ලෙස ඝාතනයට ලක්වූ ඔටාවාහි පවුල ඝාතකයාට සැලකූයේ කෙසේද..?

Government of Canada Canada Crime Murder Latest Headlines
By Sewvandhi Mar 10, 2024 04:00 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

කැනඩා මාධ්‍ය විසින් ,කැනඩාවේ, ඔටාවා හී සමූහ ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයින්ගේ පවුලේ මීට දින කිහිපයකට පෙර පැවති උත්සවයක දර්ශන පෙළක් වාර්තා කර තිබුණා.

මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ෆ්‍රෑන්ක් ද සොයිසාගේ 19 වැනි උපන්දිනය එහි සැමරූ ආකාරයයි, එහි දැක්වුණේ.ඔහුගේ උපන්දිනය මෙම ඝාතනය වූ නිවසේදීම බැලුම් එල්ලා අලංකාරවත් ලෙස සමරා තිබුණි.

ධනුෂ්කගේ පවුලේ හිතවතුන් සඳහන් කළේ, එම දිනයේදී ඔහුට චීස් කේක් කෑමට කැමැත්තක් තිබී ඇති බවත්, ඒ අනුව ධනුෂ්ක ඇතුළු පවුලේ සමාජිකයින් ඔහු වෙත චීස් කේක් ලබාදී ඇති බවත්ය.

මේ අතර කැනඩාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් හර්ෂ නවරත්න මහතා පවසන්නේ, කැනඩාවේ, ඔටාවා හී සමූහ ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයින්ගේ පවුලේ ඥාතීන් ඉදිරි දින කිහිපයේදී එරටට පැමිණිමෙන් පසු අවසන් කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි.

ඝාතනයට ලක්වූවන් වෙනුවෙන් බාර්හෙවන් ප්‍රදේශවාසින් ''සිහිපත් කිරීමේ වැඩසටහනක්''ද ඊයේ සංවිධාන කර තිබුණි.