ආණ්ඩුවේ විශාල පිරිසක් එක්වරම විපක්‍ෂයට..ආණ්ඩුවට 50ක්වත් ඉතිරි නොවන ලකුණු..නව බලවේගයක්..(VIDEO)

Sri Lanka Nalin Bandara Samagi janabalawegaya Sri Lanka podujana peramuna
By Aruna Jan 05, 2022 11:29 PM GMT
Report

නව දේශපාලන බලවේගයක් නිර්මාණය කොට ආණ්ඩු බලයක් ලබා ගැනීමට ආණ්ඩුවේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය සමග සාකච්ඡා කරමින් පවතින බව සමගි ජන බලවේගය කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා.

මන්ත්‍රීවරයා පවසන්නේ, 2022 වසර තුළ සමගි ජන බලවේගය ඇතුළු තවත් පාර්ශව රැසක එකතු වීමකින් ආන්ඩුවේ පිරිසගේ සහයක් ඇතිව නව ආණ්ඩුවක් නිර්මාණය කරන බවයි.

එහිදී විපක්ෂය සමග මේ වන විට සාකච්ඡා කරමින් සිටින ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පිළිබඳව කිසිවක් හෙළි කර නොහැකි බව පැවසූ නලින් බණ්ඩාර මහතා, ආණ්ඩුවේ පිරිසක් ඉදිරියේ දී විපක්ෂයේ සමග හිටිහැටියේ එකවරම එකතුවීමට නියමිත බව සඳහන් කරයි.

එමෙන්ම සුසිල් ප්‍රේම ජයන්ත වැනි වංචා දූෂණ වලින් තොර පිරිසුදු නායකයෙකු සමගි ජන බලවේගය සමග එකතු කර ගැනීමට එම බලවේගය කැමැත්තෙන් පසුවන බවද නලීන් බණ්ඩාර මහතා පෙන්වා දෙයි.

ඒ අනුව ඉදිරියේදී සමගි ජන බලවේගය සමග හෝ ආණ්ඩුවට විරුද්ධ ව ගොඩනගන බලවේගය සමග සුසිල් ප්‍රේමජයන්ත මහතාට එක්වන ලෙස තමන් ආරාධනා කරන බවත් ඒ මහතා සඳහන් කරයි.

මේ අතර විමල් වීරවංශ ,උදය ගම්මන්පිල ,වාසුදේව නානායක්කාර ,යන අමාත්‍යවරුන් ද මේ මොහොතේ සිටින්නේ ආණ්ඩුව සමග නොවන බව පෙන්වා දෙන නලින් බණ්ඩාර මහතා සඳහන් කරන්නේ ආණ්ඩුවේ සිටින මන්ත්‍රීවරුන් ගෙන් සහ අමාත්‍යවරුන් 50 කටත් වඩා අඩු සංඛ්‍යාවක් රාජපක්ෂ පවුල සමග සිටින බවයි .

ඒ අනුව ඉදිරියේ දී ආණ්ඩු විරෝධී බලවේග සියල්ල එකතු කරගන්න 2022 වසර තුළ නව ආණ්ඩුවක් නිර්මාණය කරන බවත් නලින් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now