සිංගප්පූරුවෙන් ලංකාවේ AI සංවර්ධනයට තෘප්තිමත් සහාය

Anura Kumara Dissanayaka Artificial Intelligence Latest Headlines Sinhala news NPP Government
By Shehan Jul 22, 2025 07:13 AM GMT
Report

සිංගප්පූරුවේ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ වැඩසටහන (AI Singapore) හි සහයෝගය ලබා ගනිමින් කෘත්‍රිම බුද්ධිය සංවර්ධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකාවේ කෘත්‍රිම බුද්ධිය සංවර්ධනයේ උපායමාර්ගික ඉලක්කවලට දායක විය හැකි සජීවී හවුල්කාරිත්වයක් සහ දැනුම හුවමාරුව සඳහා සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලය යටතේ ක්‍රියාත්මක "AI Singapore" වැඩසටහන සමඟ සාකච්ඡා පවත්වා ඇත.

ඒ සඳහා දෙරට අතර සහයෝගිතාව විධිමත් කිරීමට අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

මෙමඟින් දේශීය හා ගෝලීය අභියෝගවලට මුහුණ දිය හැකි කෘත්‍රිම බුද්ධි තාක්ෂණයන් සංවර්ධනය සඳහා ඒකාබද්ධ පර්යේෂණ, කෘත්‍රිම බුද්ධි වැඩසටහන් පැවැත්වීම සහ අන්‍යෝන්‍ය සහයෝගය ඇති කර ගැනීම අපේක්ෂා කෙරේ.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලය අතර යෝජිත අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා ජනාධිපතිවරයා ඩිජිටල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.