අණනොතකා ධාවනය වූ ටිපර් රථයකට වෙඩි වරුසාවක්..පොලීසිය සහ STF කළ වැඩේ මෙන්න.(VIDEO)

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Shooting
By Aruna Mar 15, 2024 05:57 AM GMT
Report

මුලතිව් ඔඩ්ඩුසුඩාන් කත්සිලෙයිමඩු ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ ටිපර් රථයක් පෙලිස් අණනොතකා ධාවනය කිරීමෙන් එම ටිපර් රථයට වෙඩිතැබීමක් සිදුකොට රියදුරු සිය බාරයට ගත් බව පොලීසිය පවසනවා.

ඔඩ්ඩුසුඩාන් පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් හේතුවෙන් පොලිස් නිල සුනකයින්ද යොදාගනිමින් මාන්කුලම් මුලතිව් ප්‍රධාන මාර්ගයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් කරන ලද අතර එහිදී මාන්කුලම් සිට පුදුකුඩිඉරිප්පු දෙසට ධාවනය වූ ටිපර්රථයකට මෙලෙස වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.

ටිපර්රථ රියදුරු විසින් පොලිස් අණනොතකා ධාවනය කිරීම හේතුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ටිපර් රථයේ පසුපස රෝදවලට වෙඩිතබා ටිපර් රථය නවතා ඒහි රියදුරු පොලිස් භාරයට ගනු ලැබූ බවයි වාර්තා වන්නේ.

ටිපර්රථයේ නීතිවිරෝධී කිසිවක් හමු නොවී ඇති අතර රියදුරු පොලිස් අණනොතකා ධාවනය කිරීමට හේතුව අනාවරනය වී නොමැත.

මෙම සිදු වීම සිදු වන ආකාරය කැමරාවක සටහන්ව තිබුනේ මෙලෙසින්,