මෙරට ජනතාවට සුබම සුබ ආරංචියක් මෙන්න - බලන්නකෝ රජයෙන් කරන්න යන්නේ මොකක්ද කියලා..
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.
ඒ ආර්ථික අර්බුදය සැලකිල්ලට ගෙන අස්වැසුම ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව ලක්ෂ 24 දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බවයි.
එයට අදාළ යෝජනාව ජනාධිපතිවරයාගේ උපදෙස් මත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ඒ මහතා පැවසීය.
මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මුදල් අමාත්‍යාංශයේ ඊයේ (09) පැවති සාකච්ඡාවක් අතරතුර දී ය.
පවුල් ලක්ෂ 20 ක් සඳහා සහන සැලසීමේ අරමුණින් අස්වැසුම සුබසාධන ප්‍රතිලාභී වැඩසටහන ආරම්භ කෙරිණ.
මේ වනවිට පවුල් ලක්ෂ 14 කට එම ප්‍රතිලාභ හිමි වන අතර අස්වැසුම ප්‍රතිලාභී වැඩසටහන් සඳහා ලක්ෂ 11 කට අධික අභියාචනා සහ විරෝධතා ද ලැබී තිබෙනවා.
ඉන් සියයට 60 ක ප්‍රමාණයක් මේ වනවිට සලකා බලා අවසන් අතර ලබන 31 වනදාට පෙර එම කටයුතු අවසන් කරන බව මුදල් අමත්‍යාංශය සඳහන් කළේ ය.
එමෙන්ම, මේ මස අග හෝ ලබන මස මුල් සතිය තුල අස්වැසුම සඳහා නව අයදුම්පත් කැඳවීම ද සිදු කෙරෙනු ඇත.
කෙසේ වෙතත්, ඉන් ලක්ෂ 4 ක අතිරේක පිරිසක් අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ සඳහා ඇතුළත් කිරීමට නියමිතයි.
Sponsored By Sarrita Jewellery