තරුණයන්ගේ සිහින කුමාරිය ශලිනිගේ, රුවට සමාන දුටුවොත් ඔබ වෂී වන රූ සපුවකින් හෙබි ලෝකයේ සිටින එකම සුන්දර තරුණිය.. (PHOTOS)

By krishani Apr 25, 2022 08:26 AM GMT
Report

ඔයාලා දන්නවානේ ශලිනි තාරකා කියන්නේ දැනට ලංකාවේ සිටින ජනප්‍රියම නිලියන් අතරින් කෙනෙක් කියලා.

මුලින්ම ශලිනි ගැන කතාකලාට දැන්නම් අපි කතාකරන්න සුදානම් වෙන්නේ ශලිනි ගැනනම් නෙවෙයි ලංකාවේ ජනප්‍රියම නිලියන් අතරින් කෙනෙක් තමයි ඇයත්.

හැබැයි කළා ක්ෂේත්‍රයට නම් ටිකක් අලුත් කෙනෙක් කිව්වොත් හරි. ඇය තමයි කස්තුරි ජයවර්ධන කියන්නේ, ඇයගේ සුන්දර රුව දකින ඕනෑම කෙනෙක්ට මුලින්ම මතකයට එන්නේ කවුද කියලා කියන්න ඕන නැහැනේ.

හිතුවා වගේම ශලිනි තාරකාගේ රුවට බෙහෙවින්ම සමාන කෙනෙක් තමයි කස්තුරි ජයවර්ධන කියන්නේ. කස්තුරිගේ මුහුණ දකින ඕනෑම කෙනෙක්ට පෙන්නේ ශලිනි කියලයි බොහෝ දෙනෙක් කියන්නේ.

මේ දෙන්නටම ආදරේ කරන අය නම් කිව්වේ දෙන්නම අක්කයි නංගියිද කොහෙද කියලා. ඒක ගැන හරියටම දැනගන්නත් එක්ක කස්තුරිත් එක්ක කරපු මාධ්‍ය සාකච්චාවකදී ඇය කිව්වේ මෙහෙම කතාවක්.

මුලින්ම මම ජනප්‍රිය වුනේ නීල පබළු ටෙලිනාට්‍යයේ රංගනයට දායක වීමත් එක්කයි. අලුත් වැඩ කිහිපයකටත් ආරාධනා ලැබිලා තියනවා. පසුගිය කාලයේදී නම් අවුරුදු වැඩසටහන් එහෙමත් ගොඩක් තිබුන නිසා කාර්යභහුල වුනා. දැන් රංගන ශිල්පිනියක් වුනාට පුංචි කාලේ ඉඳලා මගේ ආසාව තිබුනේ ගුරුවරියක් වෙන්න. සැබෑ ජීවිතේදී ඒක කලේ නැතත් පෝක් වීදිය ටෙලිනාට්‍යයේදී ගුරුවරියක් විදියට රඟපාන්න මට අවස්ථාව ලැබුනා.

රංගනයට එන්න අදහසක්වත් මට මුලින් තිබුනේ නැහැ. ඉස්සෙල්ලම දෙරණ අවුරුදු කුමරිය තරඟයට සම්බන්ද වෙලා එහි අවසාන වටය දක්වා මම ආවා. සංගීත් ප්‍රභූ අයියා තමයි මට රංගනයට එන්න පාර හදලා දුන්නේ. දැනට මම ටෙලිනාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වෙලා තියනවා. කරන්න පුළුවන් කියලා හිතෙන චරිතයක්නම් බාරගන්නවා. එතනින් එහාට කරන්න බැහැ කියනා හිතෙන ඒවා කරන්නේ නැහැ. මන් ගමක හැදුන කෙනෙක් නිසා විලාසිතා කරද්දී යම් සීමාවක් එක්ක තමයි කරන්නේ. ගොඩක් අය කියනවා මමත් ශලිනි අක්කා වගේ කියලා. එහම කියද්දී සතුටුයි, බැහැයි මම ශලිනි අක්කාව අනුකරණය කරන්න යන්නේ නැහැ. ලංකාවේ ජනප්‍රිය නිලියක් වගේ කියලා මටත් කියද්දී හරිම සතුටුයි.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery