ශහීන් ෂා අෆ්රිඩි මෙවර LPL තරගාවලියට

Sports Latest Headlines Sinhala news Puwath.lk Shaheen Shah Afridi
By R.rishma Jul 14, 2026 10:34 AM GMT
Report

පාකිස්තානයේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩි මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියට එක්වීමට නියමිතව තිබේ.

ශහීන් ෂා අෆ්රිඩි LPL තරගාවලියට එක්වන පළමු අවස්ථාව මෙය වන අතර, ඒ සඳහා අවශ්‍ය අනුමැතිය පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, මෙවර LPL තරගාවලියේදී ඔහු කැන්ඩි රෝයල්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතය.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය එළඹෙන ජූලි 17 වැනිදා ආරම්භ වී අගෝස්තු 8 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.