ලොකු දුම්රිය ස්ථාන කිහිපයක් වෙනස්වෙයි..කැබිනට් අනුමැතියත් හිමිවෙයි..

Colombo Sri Lanka Railways Department of Railways Railways
By Sewvandhi Mar 05, 2024 08:03 AM GMT
Report

ප්‍රධාන දුම්රිය ස්ථාන පිහිටි ගොඩනැගිලි වාණිජ මධ්‍යස්ථාන වශයෙන් වැඩිදියුණු කිරීමට අදාළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ කොළඹ නගරය ආශ්‍රිතවයි.

 ඒ සඳහා වැල්ලවත්ත, බම්බලපිටිය, කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය යන දුම්රිය ස්ථාන හඳුනාගෙන ඇත. 2023 වර්ෂයේ නොවැම්බර් මස් ජුනි මස 06 වනදා පැවති කැබිනට් රස්වීමේදී මේ පිළිබඳව හඳුනාගෙන තිබේ.

අදාළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන්නේ, එම දුම්රිය ස්ථාන සහ ඊට අමතරව දෙහිවල සහ ගල්කිස්ස දුම්රිය ස්ථාන රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව යටතේ ඉදිකර මෙහෙයුම් කර පවරාදීමේ ක්‍රමවේදය යටතේ සංවර්ධනය කිරීමටයි.

එසේම ඒ සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයින් වෙතින් අභිලාශ ප්‍රකාශ කිරීම් කැඳවීමට අදාළ යෝජනාවට ද අනුමැතිය හිමිව තිබේ.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඒකාබද්ධව මෙම කැබිනට් යෝජනාව ඉදිරිපත් කර තිබුණි.