රියදුරු බලපත්‍ර ඇතුළුව සේවාවන් ලබා ගන්න අයට පණිවිඩයක් - අද සිට ක්‍රියාත්මක මේ දේ ගැන ඔබ දැනුවත් ද?.

Government Of Sri Lanka Driving Licence Department of Motor Vehicles Latest Headlines Decision Making
By krishani Mar 04, 2024 03:04 AM GMT
Report

අද (04) සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සපයන සේවාවන් සඳහා ස්වයංක්‍රීය දුරකථන පද්ධතියක් යටතේ සහ වෙබ් අඩවිය වෙත පිවිස සිය අවශ්‍යතා සපුරාගැනීමට ජනතාවට අවස්ථාව ලබා දී තිබෙනවා.

මෙම මාර්ගගත වේලාවන් වෙන්කර ගැනීමේ ක්‍රියාවලිය පවතින අධික තදබදයට විසඳුමක් ලෙස දිවයිනේ දිස්ත්‍රික්ක 25 තුළ පිහිටා ඇති ශාඛා කාර්යාල ආවරණය වන පරිදි හඳුන්වා දීමට නියමිතය.

ඒ අනුව ස්වයංක්‍රීය දුරකථන පද්ධතිය හරහා හෝ වෙබ් අඩවිය වෙත පිවිස ඒ සඳහා කාලය වෙන් කරගත හැකිය.

නව ක්‍රමවේදය පිළිබඳව අදහස් පළ කළ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා,

"සියලුම සේවාලාභීන් අනිවාර්යයෙන්ම තමන්ට අදාළ වේලාවක් අදාළ දිනය තුළ වෙන්කරගෙන කාර්ය සඳහා පැමිණීම අනිවාර්යයි. මීට ප්‍රථම ක්‍රියාත්මක වුණා කොවිඩ් කාලේ. මේකෙදි පුළුවන් ස්වයංක්‍රීය දුරකථන අංකයක් අපි හඳුන්වා දීලා තියෙනවා 2 117 116 කියලා. ඒක ස්වයංක්‍රීයව භාෂා තුනෙන්ම ඔබට අවශ්‍ය සේවාව ලබාදෙනවා.

ඊට අමතරව අපි වෙබ් අඩවියක් හඳුන්වා දීලා තියෙනවා. https://dmtappointments.dmt.gov.lk/ වෙබ් අඩවිය හරහා තමන්ට අවශ්‍ය සේවාව ලබාගැනීමේ පහසුකම තියෙනවා. මෙයට දැනගත යුතු ප්‍රධානම දේ වන්නේ සේවාවන් ලබාගැනීමට නියමිත වේලාවන් තුළ ඇවිත් සේවාවන් ලබා ගැනීමයි."