දළදා වහන්සේට අපහාස කළැයි ප්‍රකාශයක් කළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරි සේපාල් අමරසිංහ ගැන අධිකරණය දුන් තීන්දුව..
Sri Lanka
By krishani
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයෙකු වූ සේපාල් අමරසිංහව ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) දින නියම කළේ ය.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව ය.
කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය මෙම නියෝගය නිකුත් කළ අතර දළදා වහන්සේට අපහසාත්මක ප්‍රකාශයක් සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට සේපාල් අමරසිංහ නමැත්තාව ඊයේ (05) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |