දළදා වහන්සේට අපහාස වන ලෙස ප්‍රකාශයක් කළ සේපාල් අමරසිංහ අධිකරණයට..

Sri Lanka
By krishani Jan 06, 2023 07:45 AM GMT
Report

දළදා වහන්සේට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කළ සේපාල් අමරසිංහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

සේපාල් අමරසිංහ නමැති මොහු සිය යූ ටියුබ් ගිණුම තුළ  දළදා වහන්සේට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් නිකුත් කර තිබිණ.

ඒ සම්බන්ධයෙන් සොයා බලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් විසින් ජනාධිපතිවරයාට ලිඛිත ව දැනුම් දී තිබූ අතර ඒ අනුව ඊයේ (05) බොරලැස්ගමුව ප්‍රදේශයේ දී මොහු ව අත් අඩංගුවට ගැනිණ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join