විදෙස් රැකියා සඳහා විදෙස් ගත කිරීම අත්හිටුවීමක් ගැන තීරණයක් - ඒ වෙනුවට කරන්න යන දෙය..

Manusha Nanayakkara Sri Lanka Politician Latest Headlines Decision Making
By krishani Feb 20, 2024 01:17 PM GMT
Report

ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සඳහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා වන යෝජනාවලියක් සහ සැලසුම් කඩිනමින් තමන් වෙත ලබාදෙන ලෙසට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ කළමනාකාරීත්වයට සහ බලපත්‍රලාභී විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතන සංගමයට දැනුම් දී තිබෙනවා.

විදෙස් රැකියා සඳහා විදෙස් ගත කිරීම අත්හිටුවීමක් ගැන තීරණයක් - ඒ වෙනුවට කරන්න යන දෙය.. | Sending Women Abroad For Domestic Work

මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ අද (20) දිනයි.

අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ ගෘහ සේවිකාවන් ලෙස ශ්‍රමිකයින් පිටත් කර යැවීම නතර කර ඉහළ වැටුප් ලබාගත හැකි පුහුණු රැකියා අවස්ථා සඳහා පමණක් ශ්‍රමිකයින් යැවීමේ වැදගත්කමයි.

කෙසේ වෙතත්, ඒ  අනුව, වසර දහයක් තුළ දී ගෘහ සේවිකාවන් විදේශ රැකියා සඳහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරීම සඳහා ක්ෂේත්‍රයට සියලුම පාර්ශවයන් සම්බන්ධ කරගනිමින් මෙම යෝජනාවලිය තමන් වෙත ලබාදෙන ලෙස ද බලපත්‍රලාභී විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතන සංගමය සමඟ අද පැවති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා දැනුම් දෙනුම් දුන්නේ ය.