තාත්තා වගේම අම්මත් එයාව දාලා මේ ලෝකෙන් යන්නම ගිහින්.. ජනප්‍රිය නිළි සෙනාලි ෆොන්සේකා තැබූ සංවේදි සටහන...
ජනප්‍රිය රංගන ශිල්පිණි සෙනාලි ෆොන්සේකා කියලා කියන්නේ මේ වන විට ජනප්‍රියම නිළියක්.
ඇය ප්‍රවීණ සිනමා නිළි මාලනී ෆොන්සේකා මහත්මියගේ සහෝදරයාගේ දියණියයි.
ඉතින් මව්පියන් මෙලොව හැර යාම කාටත් පොදු ධර්මතාවයක් වුවද එය දරාගැනීමට නොහැකිම කාරණයක්.
සෙනාලි පියා මොලොව හැරගියේ කොවිඩ් වසංගත සමයේ.
අද උදෑසන ඇයගේ මවත් මෙලොව හැර ගිහින්.
ඇය ඇගේ වේදනාව සංවේදිව පල කර තිබුනේ මෙලෙසින්, මගේ අම්මා, මගේ හෙවනැල්ල වගේ හිටපු, මගේ හයියට හිටපු ඔයා, අද මාව තනිකරලා යන්න ගියා...
අද මම මේ කවුරු වෙලා හිටියත් ඒ හැමදේම කරේ ඔයාගේ හයිය නිසා, ඔයා මගේ පිටිපස්සෙන් ඉදන් මාව වැටෙන්න දෙන්නැතුව අල්ලන් හිටපු නිසා...
කමක් නෑ අම්මේ, ඔයා දුක් විදින්න ඕන කෙනෙක් නෙවෙයි, ඔයා මේ දුකින් මිදුනා කියලා හිත හදාගන්නන්...
පුලුවන්නන් අයේ කවදා හරි අපි හමුවෙමූ, කවදා හරි මේ සන්සාර ගමනෙනුත් මිදෙමූ අම්මේ... ?