ගෝඨාභය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීම වෙනුවෙන් මන්ත්‍රීනී සීතා අරඹේපොළ තීරණයක් ගනී..
Sri Lanka Politician
Sri Lankan political crisis
By krishani
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය වුවහොත් ඒ වෙනුවෙන් තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී සීතා අරඹේපොළ මහත්මිය පවසයි.
කෙසේවෙතත් ඒ සඳහා වන ඉල්ලීමක් මෙතෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් හෝ වෙනත් කිසිදු පාර්ශවයකින් ලැබී නොමැති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමේ බලාපොරොත්තුවක් නොමැති බව තමන් විශ්වාස කරන බවත් ඇය පැවසීය.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පක්ෂය තුළ මෙතෙක් සිදුව නොමැති බව සීතා අරඹේපොල මහත්මිය සඳහන් කළාය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |