නව බඳවා ගැනීමක් සම්බන්ධයෙන් දැනුම්දීමක් මෙන්න..
Bandula Gunawardane
Sri Lanka Politician
Sri Lanka Railways
Latest Headlines
Decision Making
By krishani
නව බඳවා ගැනීමක් සම්බන්ධයෙන් ප්‍රවාහන,මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ දුම්රිය හරස් මාර්ග ගේට්ටුවල ආරක්ෂාව සඳහා බහු කාර්ය සාධක බලකායට 2000ක් බඳවා ගැනීමටයි.
දුම්රිය ධාවන අධිකාරි එන්. ජේ. ඉදිපොලගේ මහතා කියා සිටියේ ජනාධිපති කාර්යාලයේ පැවති රැස්වීමක දී අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදුකළ බවයි.
කෙසේ වෙතත්, බහු කාර්ය සාධක බලකායේ 3000කට ආසන්න ප්‍රමාණයක් මීට පෙර මාර්ග නඩත්තු කටයුතු සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවාගෙන ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.