විරෝධතාකරුවන් පිරිසක් විදුලිබල අමාත්‍යංශයේ ලේකම්ව වාහනය තුළ සිරකරයි..! (VIDEO)

Sri Lankan protests Sri Lanka SL Protest Ceylon Electricity Board
By Sewvandhi Jun 27, 2022 10:41 AM GMT
Report

උද්ඝෝෂකයින් පිරිසක් විසින් විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ මහතාව ඔහුගේ මෝටර් රථය තුළ සිරකර ගෙන සිටින බව වාර්තා වෙයි.

කොල්ලුපිටියේ පිහිටි අමාත්‍යාංශ පරිශ්‍රයට පැමිණි සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවකයින් පිරිසක් එසේ ඔහුව සිරකර ගෙන සිටින බව අප වාර්තාකරු පැවසීය.

උද්ඝෝෂකයින් පවසන්නේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් පෞද්ගලික අංශයට පවරන බවට අමාත්‍ය කාංචන විජේසේකර මහතා ඊයේ පැවසු බවත් එහි සත්‍යතාව දැනගැනීමට ඔවුන් පැමිණි බවත් ය.

නමුත් කැබිනට් රහස් හෙළිකිරීමට නොහැකි බවට අමාත්‍යාංශ ලේකම්වරයා උද්ඝෝෂකයින්ට දන්වා තිබුණි. එබැවින් ඔහු අමාත්‍යාංශයෙන් එළියට යන විට ඔහුගේ වාහනය වටකරමින් උද්ඝෝෂකයින් ඔහුට එළියට යෑමට ඉඩදී නොමැති බව සඳහන් වෙයි.

(වීඩියෝ අයිතිය - අද දෙරණ)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
 Join Now