ජනපති රනිල්ගේ ලස්සන වීමේ රහස හෙළි වෙයි. (PHOTOS/VIDEO)

Ranil Wickremesinghe Harin Fernando
By Wayomi Apr 15, 2024 08:40 AM GMT
Report

ජනපති රනිල් වික්‍රමසිංහ, සංචාරක ඉඩම් සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සමඟ නුවරඑළිය මීපිළිමානේ බක් මහා උළෙලකට සහභාගී වුණා.

එහිදී නිවේදිකාව ජනපතිගෙන් ඇසූ ප්‍රශ්නයකට ජනාධිපතිවරයා දුන් පිළිතුර නිසා අවුරුදු උත්සවයේ සිටි සියල්ලෝම සිනා සාගරයක ගිලී ගිය බවයි වාර්තා වුනේ. අවුරුදු උත්සව භූමියේ තරඟ නරඹමින් සිටි ජනාධිපතිවරයා අසලට ගිය නිවේදිකාව " ඔබතුමා මෙච්චර ලස්සන වුනේ කෙසේදැයි විමසීය.

ඊට ක්ෂණිකව පිළිතුරක් දුන් ජනාධිපතිවරයා " මම ලස්සන වුනේ යූ.එන්.පී එකට බැඳිලා" යැයි සිනා මුසු මුහුණින් පැවසීය.

ජනාධිපතිවරයාගෙන් නිවේදිකාව ඇසූ ප්‍රශ්නය සහ ඊට ලැබුණු පිළිතුර මුළු උත්සව භූමිය පුරා ශබ්ද විකාශන යන්ත්‍රය ඔස්සේ සජීවීව විකාශය වෙමින් පැවති හෙයින් සියල්ලන්ගේම මුවට සිනහවක් නැගිණි.

වීඩියෝ දර්ශන පහතින් නරඹන්න.



GalleryGalleryGalleryGalleryGalleryGallery