සා.පෙළ සිසුන්ට සුබ පණිවිඩයක් මෙන්න - බලන්නකෝ මොකක්ද වෙන්නෙ කියලා..

Department of Examinations Sri Lanka G.C.E. (O/L) Examination Sri Lankan Schools Education Latest Headlines
By krishani Jun 08, 2024 05:13 PM GMT
Report

අද (08) දින 2023 වසරට අදාළව පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු ඇරඹිණ.

සා.පෙළ සිසුන්ට සුබ පණිවිඩයක් මෙන්න - බලන්නකෝ මොකක්ද වෙන්නෙ කියලා.. | Scrutiny Of Answer Sheets Of O L Examination

පසුගිය 06 වන දා පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව පැවතිණ.

නමුත් දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම කටයුතු දින දෙකකින් කල් දැමීමට විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පියවර ගත්තේ ය.

උපාධිධාරීන්ට සුබ ආරංචියක් මෙන්න - නව බඳවා ගැනීමක් සම්බන්ධයෙන් කළ විශේෂ දැනුම්දීමක් මෙන්න.

උපාධිධාරීන්ට සුබ ආරංචියක් මෙන්න - නව බඳවා ගැනීමක් සම්බන්ධයෙන් කළ විශේෂ දැනුම්දීමක් මෙන්න.


අද දින සිට පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු කිසිදු ගැටලුවකින් තොරව ආරම්භ කළ බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

ඒ අනුව අද දිනයේ සිට 17 වනදා දක්වා මධ්‍යස්ථාන 101ක දී පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කෙරේ.

පසුගිය මැයි 06 වන දා ආරම්භ වු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 15 වනදා දක්වා පැවැත්විණ.

මෙහෙම වුණොත් කීයටවත් බෑ - ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරිම ගැන විශේෂ තීරණයකට යයි..

මෙහෙම වුණොත් කීයටවත් බෑ - ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරිම ගැන විශේෂ තීරණයකට යයි..


මේ අතර 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයඳුම් පත් කැඳවීම මේ වන විට සිදුකෙරේ.

කෙසේ වෙතත්, නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත්‍ර මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පමණක් කැඳවන අතර එය එළඹෙන 19 දක්වා සිදුකිරීමට නියමිතය.