පරණ යකඩ එකතු කරන්නන් සම්බන්ධව අමාත්‍යාංශ තීරණයක්..
Government Of Sri Lanka
Latest Headlines
Decision Making
By Piyumika
කර්මාන්ත අමාත්‍යාංශය පරණ යකඩ එකතු කරන්නන් නියාමනය කිරීමට තීරණයක් ගෙන ඇත.
ලංකා රජය 2020 වර්ෂයේ දී ඇබිලි යකඩ අපනයනය කිරීම තහනම් කළත් මේ වන විටත් වාත්තු ලෝහ ලෙස ඉදිරිපත් කරමින් අබිලි ලෝහ අපනයනය සිදුවන බව අනාවරණය වී ඇත.
කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතා විසින් මෙලෙස පරණ යකඩ අපනයනය කිරීම සම්බන්ධව සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට උපදෙස් ලබා දී තිබේ.
එසේම අමාත්‍යාංශ ලියාපදිංචි ඇතැම් කර්මාන්ත ශාලා හිමියන් නිෂ්පාදන කටයුතු මුවාවෙන් අබිලි ලෝහ අපනයනය කරන බවට පැමිණිලි ඇති බවත් එම ව්‍යාජ කර්මාන්ත ශාලාවලට එරෙහිව කටයුතු කිරීමට කර්මාන්ත අමාත්‍යාංශයේ ලෝහ ඩයි හා අච්චු, යන්ත්‍රෝපකරණ ආංශික උපදේශන සභා කමිටු රැස්වීමේ දී තීරණය කර ඇත.