කලිසමක් ඇදන් පාසලට ආ ගුරුවරියකට අසභ්‍ය වචනයෙන් සංග්‍රහ කරයි..ඇයට අවසානයේ සිදුවූ දේ මෙන්න..

Ministry of Education Sri Lanka
By Aruna Nov 29, 2022 12:10 AM GMT
Report

මිනුවන්ගොඩ දූනගහ පල්ලියපිටිය රණසිංහ ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරියක් පාසලට කලිසමක් සහ කමිසයකින් සැරසී පැමිණීම හේතුවෙන් දෙමාපියන් සිය විරෝධය දක්වා තිබෙන පුවතක් වාර්තා වනවා.

ඇයට දෙමව්පියන් ගේ විරෝධය හේතුවෙන් පාසලෙන් බැහැරව යාමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ගුරුවරිය එම ඇදුමින් පාසලේ තබාගන්නේ නම් තම දරුවන් ගෙදර ගෙන යන බවට සියලු මව්පියවරුන් පැවසීමත් සමඟ ගුරුවරියක් පාසලෙන් ඉවත්ව ගොස් තිබේ.

ඇය පිටව යද්දී දෙමව්පියන් ඇයට හූ තබා ඇත.

පසුව ගුරුවරිය පොලිසියට පැමිණිලි කරමින් පවසා ඇත්තේ දෙමවුපියන් විසින් තමනට අසභ්‍ය වචනයෙන් බැන වැදුණු බවයි.

දෙමවුපියන් මෙය සිදු කළේ විදුහල්පතිවරයාගේ කීම මත බවද පැමිණිල්ලේ සඳහන්ය.

පාසල් ගුරුවරියන්ට සාරිය හෝ පහසු ඇදුමක් ඇඳගෙන ඒමට අවසර දෙන ඉල්ලමින් ඇතැම් ගුරුවරියන් වෙනත් ඇදුම් ඇදගෙන පාසැල් පැමිණෙමින් සිටිති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now