පාසලේදී තැඹිලි කඩන්න ගිය සිසුවා උණගසක් නිසා අවාසනාවන්ත ලෙස මියයයි..

Accident Death Education
By Aruna Jan 16, 2024 02:23 AM GMT
Report

රත්තොට, ගම්මඩුව ප්‍රදේශයේදී ඊයේ (15) පෙරවරුවේ පදිංචි සිසුවෙකු විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත් වී තිබෙන අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.

එහිදී මියගිය මෙම සිසුවා පාසලේ තිබූ තැඹිලි ගසකට නැග තැඹිලි කැඩීමට යාමේදී, තවත් සිසුවෙකු විසින් ගසේ සිටි එම සිසුවාට තැඹිලි කැඩීම පහසු වීමට උණ ගසක් ලබා දී තිබෙන බවයි වාර්තා වන්නේ.

එම උණ ගස අසල තිබූ අධිබලැති විදුලි රැහැනක ගැටීමෙන් ගසේ සිටි සිසුවාට විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි, රත්තොට පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගිය සිසුවා වයය අවුරුදු 16ක් වන කළුගල්තැන්න, ගම්මඩුව ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පැවසෙන්නේ.

Sponsored By Sarrita Jewellery

පාසලේදී තැඹිලි කඩන්න ගිය සිසුවා උණගසක් නිසා අවාසනාවන්ත ලෙස මියයයි.. | School Student Death