රට පුරා සියලු පාසල් අද සිට අලුත් වෙයි..මාර්තු දක්වා වාරයක් ඇරඹෙයි..

Ministry of Education Sri Lanka
By Aruna Dec 05, 2022 12:15 AM GMT
Report

රජයේ පාසල්වල මේ වසරේ තුන්වැනි වාරය අද (05) සිට ආරම්භ කෙරෙනවා.

ඒ අනුව තුන්වැනි වාරය අද (05) සිට මාර්තු 24 දක්වා පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

තුන්වැනි වාරය අතරමඟදී අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ -2023 විභාගය පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් ජනවාරි මාසයේදි පාසල් දරුවන්ට නිවාඩුවක් ලබාදීමට නියමිතයි.

අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කිරීමේදී අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කර ඇති චක්‍රලේඛ අනුව කටයුතු කරන බව ද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now