Foxhill අනතුරින් දින 25කට පසු පාසල් සිසුවියක් ජීවිතක්ෂයට. - (VIDEO)
පසුගියදා අප්‍රේල් 21වනදා දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවියක් ඊයේ (15) රාත්‍රියේ මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඇය බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් මෙලෙස මියගොස් ඇති අතර ඇයගේ මෘත ශරීරය මේ වනවිට බදුල්ල මහා රෝහලේ තැන්පත් කර ඇත.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, දියතලාව පොලිස් වසමේ ගල්ඒදණ්ඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි දැරියක්.
2024 ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගාවලිය අප්‍රේල් 21වනදා පෙරවරුවේ දියතලාව නරියාකන්ද ධාවන පථයේ දී ආරම්භ වූ අතර එහිදී සිදුවු මාරක අනතුරින් 7ක් ජීවිතක්ෂයට පත්වුණා.
එහිදී ධාවන තරගයේ සහායකවරුන් සිව්දෙනෙකුට දිවි අහිමි වූ අතර, සෙසු සියලුදෙනා තරගය නැරඹීම සඳහා පැමිණ සිටි අය වන අතර,
එම අනතුරින් දිවි අහිමි වූයේ,8 හැවිරිදි වැලිමඩ පදිංචිව සිටි ශිව කුමාර් දිනුෂිකා, 55 හැවිරිදි වැලිමඩ පදිංචිව සිටි මුත්තුසාමි උදයකුමාර්, සීදුවේ පදිංචිව සිටි 19 හැවිරිදි චමත් නිරෝෂන්, අරුණ ශාන්ත උපාලිගමගේ නැමති 62 හැවිරිදි මාතර පදිංචිව සිටි අයෙක්, 20 හැවිරිදි අකුරැස්සේ පදිංචි අසේන් හීනටිගල, රසික අබේනායක සහ 60 හැවිරිදි මාතර පදිංචිව සිටි ගනේෂ් ජයවර්ධන අයටයි
වසර 5කට පසුව පැවති මෙම තරගාවලිය නැරඹීමට විශාල ජන සහභාගීත්වයක් පැවති අතර අවසන් වරට 2019 වර්ෂයේ අප්‍රේල් 21 වන දින මෙම ධාවන තරගාවලිය පවත්වා තිබෙනවා.
මෙම අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත.